Tamil-SriLankaEnglish (UK)

තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට.


නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත් නිෂ්පාදනය හා අලෙවි කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගික සේවා අධිකාරිය සමග පරිසර පොලිස් ඒකකය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පසුගිය ජුලි 25 වනදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමක දී මෙම පොලිතීන් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුණේ ආහාර එතීම සඳහා භාවිතා කරන දවටන හෙවත් ලන්ෂීට් තොගයකි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන අතර මේ තුළ තහනම් ආහාර දවටන 164,750 ක ප්‍රමාණයක් තිබී ඇත.
කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ස්ට්‍රෙස් පාරේ, 19 වන පටුමගේ අංක 44/16 යන ස්ථානයේ මොහොමඩ් සලහුඩීන් යන පුද්ගලයා විසින් කුලියට ලබාගත් නිවසක මෙලෙස නීති විරෝධී පොලිතීන් නිෂ්පාදනය කර ඇති අතර මෙය වසර 3ක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත. මෙම තහනම් පොලිතීන් තොගය අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුට විරුද්ධව මාළිගාකන්ද අධිකර‍ණයේ නඩුවක් පැවරීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා පැවසීය. මෙම හදිසි වැටලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් ඒකකයේ ප්‍රධානී ලංකා දික්කුඹුර සමග විමර්ශන නිලධාරී මනෝජ් ජයකොඩි, මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පරිසර පොලිස් ඒකකයේ නිලධාරීන් ද සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ උපදේශකත්වයෙන් දිවයින පුරා තහනම් පොලිතීන් වැටලීමේ කටයුතු දිවා රාත්‍රී වශයෙන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.

Sequence 01.Still028Sequence 01.Still030Sequence 01.Still044

Monday, 30 July 2018 10:02 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න