Tamil-SriLankaEnglish (UK)

තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........

පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන් ක්‍රියාත්මක වන පරිදි රජය විසින් පොලිතීන් භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය, අලෙවිය, ගබඩා කිරීම හා පරිභෝජනය තහනම් කරන ලදී. ලන්ච්ෂීට්, ෂොපින් බෑග්, ග්‍රොසරි බෑග් සහ කෑම බහාලන පෙට්ටි ( පොලිස්ටයරින්) මෙසේ තහනම් කරන ලද නිෂ්පාදනයන්ය.
ජුනි මසදී රාගම ප්‍රදේශයේ දී කරන ලද හදිසි වැටලීමකින් තහනම් ප්ලාස්ටික් ද්‍රව්‍ය  යොදා ගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරන කම්හලක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන කණ්ඩායම සමත් වූහ.


ජනතාවගෙන් ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ  මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන නිලධාරින් අදාළ කම්හල වැටලු අතර, ඒ වන විටත් තහනම් කරන ලද HDPE ප්ලාස්ටික් භාවිත කරමින්, ආහාර දවටන නිෂ්පාදනය කරමින් සිට ඇත. එම අවස්ථාවේදීම ඔවුන් නීතීයේ රැහැනට හසුකර ගත් අතර, අදාළ සාම්පල් පොලිස් භාරයට ගනු ලැබීය.
     2018 ජනවාරි 01 වනදා පටන් තදින්ම මෙම නීතීය ක්‍රියාත්මක කරන අතර මධ්‍යම පරිසර අධිකාරිය සමඟින් පරිසර පොලිසිය ඒකාබද්ධව වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව 2018 ජනවාරි මස සිට ජුනි මස අවසානය දක්වා තහනම් පොලිතීන් නිෂ්පාදකයින් සහ තොග අලෙවිකරන්නන් සම්බන්ධව දිවයින පූරා වැටලීම් 3053 ක් සිදුකර ඇති අතර, ජුනි මස දී 23 දෙනෙකු තවදුරටත් තහනම් පොලිතීන් භාවිතය, නිෂ්පාදනය හා අලෙවි කටයුතු සිදු කරන බව වාර්තා වි ඇත. එම 23 දෙනාට විරුද්ධව නිතීමය පියවර ගැනීම සඳහා අදාළ තොරතුරු මේ වන විට මධ්‍යම පරිසර අධිකාරියේ නීතී ඒකකය වෙත භාර දී ඇත.

Thursday, 12 July 2018 03:42 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
සෞඛ්‍යය පහසුකම් සපයන ආයතනයන්හි සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික පාරිසරික පනතේ, 23 “අ “වගන්තියයටතේ අතිවිශේෂ ගැසට්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ නව සහකාර අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ…. මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය තවදුරටත් පුළුල් ව හා... තවදුරටත් කියවන්න
පාසල් පුස්තකාල තුල පරිසර තොරතුරු අංශය සංවර්ධනය කිරීම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පරිසර අධ්‍යපනය ශක්තිමත්... තවදුරටත් කියවන්න
තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........ පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ පරිසර... තවදුරටත් කියවන්න
විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් අනාගත ශ්‍රී ලංකාවේ... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න