Tamil-SriLankaEnglish (UK)

සෞඛ්‍යය පහසුකම් සපයන ආයතනයන්හි සායනික අපද්‍රව්‍ය කළමනාකරණය

ජාතික පාරිසරික පනතේ, 23 වගන්තියයටතේ අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 1533/16, 2008/01/25 දිනැති ප්‍රකාරව සියළු සෞඛ්‍ය ආයතන පාරිසරික ආරක්ෂණ බලපත්‍රය හා උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය ලබාගත යුතුය. මෙමඟින් රෝහල් හා අනෙකුත් වෛද්‍ය මධ්‍යස්ථාන වලින් බැහැරලන සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කළ හැකිය.

වර්තමානයේ දී බලපත්‍රලාභී සායනික අපද්‍රව්‍ය බැහැරලීමේ පහසුකම් සපයන්නන් වන්නේ, සිසිලි නාරෝ එන්කෙයා පුද්ගලික සමාගම හා ශ්‍රී ජයවර්ධනපුර රෝහලයි. මෙම පහසුකම් සපයන ආයතනයන්හි දිනක ධාරිතාව මෙට්‍රික් ටොන් 10-12 ක් වන අතර එම ධාරිතාව මුළු රටේම සායනික අපද්‍රව්‍ය දහනය සඳහා ප්‍රමාණවත් නොවේ.

පරිසර අධිකාරිය විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව හෙළිදරව් වූයේ, ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය පහසුකම් සපයන ආයතන 1585 පවතින බවයි. එයින් රෝහල් 754 ක් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන ඇති අතර රෝහල් 54 ක් පමණක් උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය ලබාගෙන ඇත. දිනකට මෙම රෝහල්/ සෞඛ්‍ය ආයතන 1585 නි නිපදවෙන සායනික අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 13.5 කී. නමුත් දැනට තිබෙන පහසුකම් අනුව මෙට්‍රික් ටොන් 10 ක ප්‍රමාණයක් කළමනාකරණය කරගත නොහැකි තත්ත්වයක පවතී.

මේ තත්ත්වය සලකා බලා මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරියේදී සෞඛ්‍ය ආයතන හට ඉහත සඳහන් බලපත්‍ර 2ම ලබාගැනීමට කටයුතු කරන ලෙස දන්වන අතරම එමගින් මෙම සායනික අපද්‍රව්‍ය කළමනාකරණයට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට නිවැරදි ක්‍රමවේදයන් සකස් කිරිමට නියමිතය.

Monday, 11 June 2018 09:29 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
ලෝක හරිත දින සැමරුම - 2018 රුක් රෝපණ වැඩසටහන ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක හරිත දින සැමරුම මෙන්ම... තවදුරටත් කියවන්න