Tamil-SriLankaEnglish (UK)

ප්‍රවීණ පරිපාලන සේවා නිලධාරි චන්ද්‍රරත්න පල්ලෙගම මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තනතුරේ වැඩ භාරගනී.

ප්‍රවිණ පරිපාලන සේවා නිලධාරි, චන්ද්‍රරත්න පල්ලෙගම මහතා මාර්තු මස 26 දා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තනතුරේ වැඩ භාරගත්තේය. මෙම පත්කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් සිදුකරන ලදී.
සුබ මොහොතින් පිරිත් සඡ්ඡායනා මාධ්‍යයේ නව තනතුරේ වැඩ භාරගත් සභාපතිවරයා ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය අමතා ප්‍රකාශයක් කරමින්, ජාතික පාරිසරික පනත ප්‍රකාරව ශ්‍රි ලාංකේය පරිසරය සුරැකීමට කැපවෙන බවත්, ඒ සඳහා කාර්ය මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත්, සේවක සහ ආයතනික ගැටලු විසඳමින් පරිසර සංරක්ෂණ හා නියමන සේවාව ශක්තිමත් කරන බවත් පැවසීය.


මෙම අවස්ථාවට මහ සංඝරත්නය, පවුලේ සාමාජිකයන්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.ඒ.ආර්.ආර්.රූපසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ආයතන ගණනාවක උසස් නිලධාරීන් ඇතුළුව හිතවතුන් පිරිසක් සහභාගි වූහ.


පොළොන්නරුව, ගිරිතලේගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලැබූ පල්ලෙගම මහතා, ශිෂ්‍යත්වයක් ලැබ, පොළොන්නරුව රාජකීය විද්‍යාලයට ඇතුළත් වී එම විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලබා 1984 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂ උපාධිය (Bsc) දිනාගත්තේය. 2001 වර්ෂයේ දී රජරට විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, 2013 වර්ෂයේ දී කැළණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇත. වෘත්තීය කළමනාකරණ ආයතනයේ (ICPM) අධි සාමාජිකත්ව ගෞරවය හිමි කරගත් හෙතෙම ශ්‍රි ලංකා ගණකාධිකරණ ශීල්පීය ආයතනයේ ද ( MAAT) පූර්ණකාලීන සාමාජිකයෙකි.


ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයේ මහලේකම් ලෙස වසර 03කට අධික කාලයක් විශිෂ්ට සේවාවක් ඉටු කළ හෙතෙම 2015 වසරේ එහි සභාපති ධූරයට ද පත්විය. ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයේ විධායක සභාවේද, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සිය සේවය ඉටු කළ පල්ලෙගම මහතා මුළු දිවයිනටම සාම විනිසුරු පදවියෙන් ද පිදුම් ලැබූ රාජ්‍ය සේවා වෘත්තිය අත්දැකීම් බහුල ප්‍රවිණයෙකි.


1989 ශ්‍රී ලංකා විගණන දෙපාර්තමේන්තුවේ, විගණන පරික්ෂකයෙකු ලෙස රාජ්‍ය සේවයට එකතු වූ හෙතෙම 1995 වර්ෂයේදී ශ්‍රි ලංකා රාජ්‍ය පරිපාලන සේවා විවෘත විභාගයෙන් ශ්‍රි ලංකාවේ ප්‍රථමයා ලෙස සමත් වෙමින් පරිපාලන සේවයට එකතු විය. පරිපාලන සේවයට එකතුවීමෙන් අනතුරුව ප්‍රථම පත්වීම ලෙස, කැකිරාව ප්‍රාදේශීය ලේකම් වශයෙන් කටයුතු කර ඇත. සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස කොළඹ, කලුතර, අනුරාධපුරය යන දිස්ත්‍රික්ක වල වසර 12කට වඩා අධික කාලයක් සේවය කළ පල්ලෙගම මහතා, මහරගම, ශ්‍රී ජයවර්ධනපුර හා කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් ලෙස ද සිය මෙහෙවර ඉටු කරන ලදී. ලංකාවේ ඉහළම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගොඩනැගුවේ මෙතුමාගේ පරිපාලන කාලයේදීය. වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස ද කටයුතු කළ එතුමා, 2012 වසරේ බන්ධනාගාර කොමසාරිස් ලෙසත්, පසුකළෙක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙසත් කටයුතු කළේය. පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කාලයක් රාජකාරි කර ඇති අතර ජාතික අධ්‍යාපන කොමිෂමේ හිටපු ලේකම්වරයෙකු ද වූයේය. 2018 මාර්තු 26 එනම් අද දින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිධූරයේ වැඩභාරගන්නා අවස්ථාව වන විට චන්ද්‍රරත්න පල්ලෙගම මහතා ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් විශිෂ්ට සේවයක් ඉටුකරමින් සිටියේය. තම පාලන කාලයන් තුළ සෑම ආයතනයක් ම ඉහළට ඔසවමින්, රාජ්‍ය සේවය අර්ථවත් කරමින්, පොදු ජනතාවට සේවය කළ හෙතෙම වසර 28 ක පරිපාලනයේ හා කළමනාකරණයේ හසළ අත්දැකීම් ඇති විශිෂ්ටයෙක් ලෙස ජනප්‍රියත්වය දිනාගත් ප්‍රවීණ පරිපාලන සේවා නිලධාරීයෙකි.

IMG 0964IMG 0993IMG 1014IMG 1044IMG 1049IMG 1120IMG 1014

 

Tuesday, 27 March 2018 03:32 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න