Tamil-SriLankaEnglish (UK)

පරිසර නියමු ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම් පළාත් මට්ටමින්....

2020 වන විට ශ්‍රී ලංකාවේ සෑම පාසලක් වෙතටම පරිසර නියමු ජාතික වැඩසටහන හදුන්වාදීම අරමුණු කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ වන විට පුළුල් පරිසර අධ්‍යාපන ක්‍රියාදාමයක් ආරම්භකර ඇත. ඒ අනුව දිස්ත්‍රික්, කලාප හා කොට්ඨාස මට්ටමින් කටයුතු කරන පරිසර නියමු කොමසාරිස්වරුන් දැනුම්වත් කිරීමේ තෙදින වැඩමුළු මේ යටතේ ක්‍රියාත්මක කරමින් පවතී.
පරිසර නියමු වැඩසටහනේ සමස්ත ක්‍රියාදාමය පිළිබවත්, පදක්කම් 05ක් ලබා ගැනීමේදී ඉටු කළ යුතු ක්‍රියාකාරකම් පිළිබදවත් පරිසර නියමුවෙකු වීම නිසා පුද්ගලිකව දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ මෙන්ම සමාජයක්, රටක් ලෙසින් අත්වන ඵල ප්‍රයෝජන පිළිබඳවත් මෙම වැඩමුළුවලදී පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම සිදුවේ. එසේම නව ලොව ප්‍රධාන අභියෝගයක් බවට පත්ව තිබෙන පරිසර සංරක්ෂණ කාර්යයේදී පරිසර නියමු භූමිකාවේ වැදගත්කම කුමක්ද යන්න පිළිබඳවත් පුළුල් ලෙසින් අවධාරණය කිරිම සිදුවේ.
කායික හා ප්‍රායෝගික පුහුණුවීම ඇතුළත් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් 03 ක් මේ වනවිට පවත්වා ඇත. පසුගිය පෙබරවාරි මස 15 සිට 17 දක්වා දික්වැල්ල ග්‍රාම සංවර්ධන පුහුණු ආයතනයේදී පැවැත්වුනු දකුණු පළාත් මාධ්‍ය මුළුවේදී වැලිගම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර අධ්‍යනය කිරිම ද, පෙබරවාරී මස 22 සිට 24 දක්වා මඩකලපුව, සර්වෝදය පුහුණු මධ්‍යාස්ථානයේ පැවැත් වූ නැගෙනහිර පළාත් වැඩමුවේදී කොඩුවාමඩුව අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය සහ සතුරුකොන්ඩාන් තෙත්බිම් ප්‍රදේශය ක්ෂේත්‍ර අධ්‍යනය කිරීම හා මාර්තු මස 8 සිට 10 දක්වා වාරිපොල වයඹ පුහුණු ආයතනයේ පැවැත් වූ වයඹ පළාත් වැඩමුළුවේදීත් කොනොත්තේගෙදර, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර අධ්‍යයනයන් සිදු කරමින් පවත් වන ලදී.
මෙම වැඩමුළු සඳහා පරිසර නියමු කොමසාරිස්වරු 100ක පමණ කණ්ඩායමක් සහභාගී වූ අතර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු මධ්‍යම පරිසර අධිකාරයේ පළාත් කාර්යාලීය ප්‍රධානීන්ද, ප්‍රධාන කාර්යාලයේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී ජයසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. සෙසු පළාත් වැඩසටහන් ද ඉදිරීයේදී පැවැත්වීමට පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය කටයුතු යොදා ඇත.

IMG 0055IMG 8779IMG 8847IMG 8876IMG 9117IMG 9999

Monday, 26 March 2018 07:56 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න