Tamil-SriLankaEnglish (UK)

ලෝක තෙත්බිම් දින සැමරුම - 2018

1997 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වන දින ලෝක තෙත්බිම් දිනය වශයෙන් ලෝකය පුරා උත්සවාකාරයෙන් සමරනු ලබති. පරිසර පද්ධතියක් වශයෙන් තෙත්බිම් යනු අති සංවේදී සුවිශේෂි පාරිසරික හා සමාජයීය කාර්යභාරයකට දායක වන පරිසර පද්ධතියක් බැවින් එය රැක ගැනීම සඳහා ලෝක මට්ටමින් පියවර ගෙන ඇත.

2018 ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන පෙබරවාරි 02 වනදා පෙ.ව 9.00ට ගරු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ දි පැවැත්වූ අතර, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය සංවිධානය කරන ලදී.


මෙම උත්සව අවස්ථාවට අතිගරු ජනාධිපතිතුමන් සමඟ ගරු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මැතිතුමන්, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් සමඟ මධ්‍යම පරිසර අධීකාරියේ වැඩ බලන සභාපතිතුමන්, වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්තුමන්, වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමන්, ග්‍රාමීය තෙත්බිම් කමිටු සාමාජිකයින්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන්හි නිලධාරීන්, පාසල් ගුරුවරුන්, පරිසරවේදීන්, සමඟ පරිසර නියමුවන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළුව 300 ක පමණ පිරිසක් සහභාගී විය.


කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය දේවක වීරකෝන් මහතා විශේෂ දේශනයක් පැවැත්වූ අතර එහිදී තෙත් බිම් හී වැදගත්කම පිළිබඳව මනාව විස්තර කරන ලදී.
කොළඹ ආනන්ද විද්‍යාලය හා හොරණ තක්ෂිලා විද්‍යාලයේ සිසු සිසුවියන් ඉදිරිපත් කරන ලද නර්තනාංග මෙම වැඩසටහන ආලෝකවත් විය.

IMG 8481IMG 8390IMG 8442IMG 8446IMG 8456IMG 8472IMG 8476IMG 8486IMG 8493IMG 8501

 

Monday, 12 February 2018 07:14 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න
පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි. 2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින සැමරුම - 2018 1997 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වන දින ලෝක තෙත්බිම්... තවදුරටත් කියවන්න
තහනම් කරන ලද පොලිතීන් වැටලීම් තව දුරටත් රජය විසින් ගනු ලැබූ තීරණයකට අනුව 2017 සැප්තැම්බර් 01 දින... තවදුරටත් කියවන්න
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න