Tamil-SriLankaEnglish (UK)

ජෛව හායනයට ලක්වන පොලිතීන් නිෂ්පාදකයින් මධ්‍යම පරිසර අධිකාරියත් සමඟ ඉදිරි වැඩපිළිවෙල සාකච්ඡා කරති.

 පොලිතීන් නිෂ්පාදන කිහිපයක තහනමට අදාළව මේ වන විට හානිදායක පොලිතීන් වෙනුවට පරිසර හිතකාමී වූ, ජෛව හායනයට ලක් වන පොලිතීන් නිෂ්පාදනයන් වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් පවතී. එම ක්‍රියාදාමය වඩාත් ප්‍රශස්ථ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අදාළව ජෛව හායනයට ලක් වන පොලිතීන් නිෂ්පාදකයින් හා මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් 2018/01/17 දින මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පවත් වන ලදී.   
මෙම අවස්ථාවට එක් වූ පොලිතීන් නිෂ්පාදකයින් ඉල්ලා සිටියේ මෙම පොලිතීන්  තහනම අඛණ්ඩව ක්‍රියාත්මක කර ගෙන යායුතු බව හා නීතිය කඩ කරනු ලබන පොලිතීන් නිෂ්පාදන ආයතනයන්ට හා වෙළඳුන්ට තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය. එමෙන්ම අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී අවශ්‍ය බදු සහන කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.
වෙළඳපොල තුළ  යම් කිසි පොලිතීන් නිෂ්පාදන හිගයක් තිබේ නම් එය ඉදිරි මාසයක වැනි කෙටි කාලයක් තුළ ඉවත්ව යනු ඇති බවත් සිය නිෂ්පාදන ආයතන මඟින් රුපියල් 2ත් 2.50 ත් අතර මුදලකට ලන්ච් ෂීට් ලබා දිය හැකි බවත් තවදුරටත් ඔවුන් ප්‍රකාශ කර සිටියෝ ය.
මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා කියා සිටියේ සුපිරි වෙළඳසැල් හා සිල්ලර කඩවල තහනම් පොලිතීන් විකුණුවා ද යන්න සොයා බැලීමට අවශ්‍ය වැටලීම් තවදුරටත් සිදු කරන බවය. දැනට වෙළඳසැල් හා නිෂ්පාදන ආයතන 146ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් නිතී විරෝධී පොලිතීන් නිෂ්පාදන විකුණූ වෙළද ආයතන 10කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම ක්‍රියාවලියේදී ඇතැම් කණ්ඩායම් නගන පදනම් විරහිත චෝදනාවලට නොසැලී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන්නන් හට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කලේය.
ජෛව හානයනට ලක් වන පොලිතීන් නිෂ්පාදන ආයතන 33ක් දැනට මධ්‍යම පරිසර අධිකාරියෙහි ලියාපදිංචි වී තිබේ. රජය විසින් දැනටමත් ලබා දී ඇති අයවැය සහන මෙම ක්‍රියාවලිය ධනාත්මක කිරීමට බලපා ඇත. නිෂ්පාදකයින් විසින් දැනට වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති විකල්ප පොලිතීන් නිෂ්පාදන සහ ඉදිරියට ඉදිරිපත් කිරීමට නියමිත නිෂ්පාදන පිළිබඳව දත්තයන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලබා දීමට එකඟතාවය පළ විය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ  මධ්‍යම පරිසර අධිකාරියේ සභපතිතුමන් ප්‍රකාශ කර සිටියේ තහනම් පොලිතීන් නිෂ්පාදකයින් හා අළෙවි කරන්නන් පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසටය.

bb1

bb2

bb3

bb4

bb5

bb7

Friday, 02 February 2018 04:32 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න
පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි. 2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින සැමරුම - 2018 1997 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වන දින ලෝක තෙත්බිම්... තවදුරටත් කියවන්න
තහනම් කරන ලද පොලිතීන් වැටලීම් තව දුරටත් රජය විසින් ගනු ලැබූ තීරණයකට අනුව 2017 සැප්තැම්බර් 01 දින... තවදුරටත් කියවන්න
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න