Tamil-SriLankaEnglish (UK)

පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි.

2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් 2017/12/19 වන දින බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරියෙහි ශ්‍රවණාගාරයේදී පවත් වන ලදී. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ  සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා, අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න මහතා, අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, අජිත් වීරසුන්දර මහතා ශ්‍රී ලංකා පොලිසීය නියෝජනය කරමින් සහකාර පොලිස් අධිකාරි මනෝජ් පෙරේරා මහතා ඇතුළු පිරිසක්  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
 මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලාල් මර්වින් ධර්මසිරි මහතා විශේෂයෙන් අවධාරණය කර සිටියේ පොලීතීන් නිෂ්පාදනය, භාවිතය, අලෙවිය සියළුම උත්සව අවස්ථා සඳහා සැරසිලි ලෙස පොලිතීන් භාවිතය ද තහනම් වන බවයි. එබැවින් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සඳහා පොලිතීන් සැරසිලි භාවිතය නතර කොට ඒ වෙනුවෙන් කඩදාසි, රෙදි හා ස්වභාවික ද්‍රව්‍ය වැනි විකල්ප භාවිතා කරන ලෙසය. මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය විසින්  ශ්‍රී ලංකා පොලීසීය හා මැතිවරණ කොමසාරිස්තුමාව ද දැනුවත් කර තිබෙන බව සභාපතිතුමා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
එමෙන්ම මෙම අවස්ථාවට සහභාගී වූ ජෛව හායනයට ලක්වන පොලීතීන් නිෂ්පාදනය කරන ආයතන දෙකක් වන ප්ලාස්ටික් පැක් (PLASTIC PACK)  පුද්ගලික සමාගම සහා ග්‍රීන් ලංකා එකෝ (GREEN LANKA ECO) යන ආයතනයන් හී නියෝජිතයින් සිය නිෂ්පාදන පිළිබඳව නිදර්ශක යොදා ගනිමින් පැහැදිලි කිරීමක් ද සිදු කරන ලදී. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා කියා සිටියේ පොලිතීන් තහනම පිළිබඳව මාධ්‍ය විසින් සිදු කරනු ලබන ප්‍රචාරණ හා දැනුවත් කිරීම් වෙනුවෙන් සිය ස්තූතිය පළ කරන ලදී.

press1111

press1

press2

pree4

pree5

Friday, 05 January 2018 09:14 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

polythene copy sin

FB Banner Stop-01

addsin

envposter-sin

ngobannersinhala

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන... තවදුරටත් කියවන්න
පරිසර අධිකාරියේ නව පරිසර නිලධාරීන් සඳහා දින 06ක පුහුණු වැඩසටහනක් නව පරිසර නිලධාරීන් සඳහා පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2017 පාසල් දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති පරිසර නියමු... තවදුරටත් කියවන්න
පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වා දීමේ වැඩමුළුව පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න
පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි. 2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම... තවදුරටත් කියවන්න