Tamil-SriLankaEnglish (UK)
QoinPro.com: Free Bitcoins every 24 hours

කඩිනමින් අප ජලය පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කර ජල දූෂණය වළක්වන්න. අදාළ සමාගමට මධ්‍යම පරිසර අධිකාරියෙන් උපදෙස්

රජයේ පෞද්ගලික සමාගමකට අයත් අඹේවල කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් අප ජලය යාබඳ ව පිහිටි ඇල මාර්ගයකට මුදා හැරීම හේතුවෙන් උද්ගතව ඇති පාරිසරික ගැටලු වැළැක්වීම සඳහා කඩිනමින් අප ජලය පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කළ යුතු බවත්, ඊළඟ වගා කන්නය සඳහා ගොවීන්ට ජලය ලබාගැනීමට වහාම දූෂිත වී ඇති ඇල මාර්ගය නියමිත සෞඛ්‍ය හා පාරිසරික ප්‍රමිතීන්ට අනුව පවිත්‍ර කර දිය යුතු බවත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා විසින් අදාළ සමාගමට උපදෙස්  ලබා දුන්නේය.
 මෙම ගැටළුව වැළැක්වීම සඳහා මැදිහත්වීම පිණිස ගැටළුවට වගකිව යුතු පාර්ශ්වයන් හා පිඩාවට පත් ගොවි සංවිධාන නියෝජිතයින් සමඟ ඉකුත් 16 වැනිදා මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේ දී  රැස්වීමක් පවත්වන ලදී. ආයෝජන මණ්ඩල අනුමැතියකින් ආරම්භ කර ඇති මෙම කිරි නිෂ්පාදන කර්මාන්ත ආයතනය සංවර්ධනය කරමින් සිය කිරි නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට කටයුතු කළ ද, ඒ සදහා ආයෝජන මණ්ඩලයෙන් (BOI) හෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් (CEA) නිසි බලපත්‍රයක් ලබාගෙන නැති බව ද මෙහිදි හෙළිදරව් විය.
නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම හේතුවෙන් ජනනය වන අපජලය ප්‍රමාණය දිනකට ලීටර්  150,000 සිට 300,000 දක්වා වැඩි වි ඇති නමුත්, අප ජලය පිරිසිදු කර මුදාහැරීමට මෙම සමාගම විසින් කිසිදු පියවරක් ගෙන නැත
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා, පරිසර දූෂණ පාලන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සංජය රත්නායක මහතා ඇතුලු නිලධාරීන්, වග උත්තර පාර්ශ්වය මෙන්ම ගොවි සංවිධාන ඇතුළුව පැමිණිලි පාර්ශ්වය ද සහභාගී වූහ.

milco1

milco2

milco4

milco5

milco6

milco7

Thursday, 30 November 2017 06:12 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

polythene copy sin

FB Banner Stop-01

addsin

envposter-sin

ngobannersinhala

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන... තවදුරටත් කියවන්න
පරිසර අධිකාරියේ නව පරිසර නිලධාරීන් සඳහා දින 06ක පුහුණු වැඩසටහනක් නව පරිසර නිලධාරීන් සඳහා පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2017 පාසල් දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති පරිසර නියමු... තවදුරටත් කියවන්න
පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වා දීමේ වැඩමුළුව පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක්... තවදුරටත් කියවන්න