Tamil-SriLankaEnglish (UK)

පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වා දීමේ වැඩමුළුව

පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක් පසුගිය නොවැම්බර් 14 වන දා මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවැත්විය. මේ සඳහා කොළඹ දිස්ත්‍රිකයේ පිරිවෙන් ස්වාමීන් වහන්සේලා සමඟ පිරිවෙන් ගුරුවරු 75ක් පමණ සහභාගි විය.
මෙම අවස්ථාවට සහභාගි වු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා වැඩසටහනේ අරමුණ පැහැදිලි කළ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාවේ අධ්‍යක්ෂ, රාජකීය පණ්ඩිත, පූජ්‍ය  මහාචාර්ය නාඹිරිත්තන්කඩවර ඥාණරතන ස්වාමීන් වහන්සේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පුජ්‍ය දොඩංගොඩ පියසිරි ස්වාමීන් වහන්සේ මෙම අවස්ථාවට සහභාගී විය.
කැළණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යාපන අංශයේ අංශාධිපති, ආචාර්ය  නිශාන් සකලසූරිය මහතා පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( විශ්‍රාමික) ගාමිණි ගමගේ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යාපන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයන්ත වත්තේවිදානගේ මහතා යන අය සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ බෞද්ධ ඉගැන්වීම් පරිසර සංරක්ෂණයෙහිලා යොදා ගැනීම, පරිසර ආරක්ෂා කිරීම සඳහා ස්වාමීන්වහන්සේලාගේ දායකත්වය හා පරිසර අධ්‍යාපනය කෙරෙහි භික්ෂුණ් වහන්සේලාගේ ක්‍රියාකාරී සහභාගීත්වය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමයි.

pepppp1

pepp1

pepp2

pepp31

pepp21

pepp4

pepp5

Friday, 24 November 2017 05:40 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන... තවදුරටත් කියවන්න
පරිසර අධිකාරියේ නව පරිසර නිලධාරීන් සඳහා දින 06ක පුහුණු වැඩසටහනක් නව පරිසර නිලධාරීන් සඳහා පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2017 පාසල් දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති පරිසර නියමු... තවදුරටත් කියවන්න
පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වා දීමේ වැඩමුළුව පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න
පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි. 2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින සැමරුම - 2018 1997 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වන දින ලෝක තෙත්බිම්... තවදුරටත් කියවන්න