Tamil-SriLankaEnglish (UK)

දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2017

පාසල් දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති පරිසර නියමු වැඩසටහන ශ්‍රී ලංකාවේ බහුතර පාසල් ප්‍රමාණයක සාර්ථකව සිදු කරනු ලබයි. මේ යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය, පරිසර හා ධීවර අමාත්‍යාංශය හා දකුණු පළාත් සභාව එක්ව පරිසර නියමුවන් සඳහා කඳවුරක් 2017 නොවැම්බර් 03 සිට 05 වන දින දක්වා හම්බන්තොට සුචි ජාතික පාසලේදී පැවැත්වීය. මේ සඳහා නියමුවන් 173 ක් පමණ සහභාගි විය.
නියමුවන්හට න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා දීම මඟින්, පරිසරය හා පරිසරයට එල්ලවන තර්ජන පිළිබඳ දැනුවත් භාවය ඉහළ නැංවීම මෙවැනි වැඩසටහන්වල අරමුණයි. පරිසර නියමුවන්හට ක්ෂේත්‍ර දැනුම ලබා දීමේ අරමුණින් හම්බන්තොට වියළි කලාපීය උද්භිත උද්‍යානය, සූර්ය බලශක්ති බලාගාරය හා පක්ෂි පර්යේෂණ ආයතනය යන ස්ථානවල නිරීක්ෂණ චාරිකා සංවිධානය කර තිබිණ. මීට අමතරව “මත් උවදුරෙන් වැළක්වීම” පිලිබඳව විශේෂ දේශනයක් ද පවත්වන ලදී.
දකුණු පළාත් ධීවර, පරිසර, විදුලි, පශු සම්පත්, ග්‍රාමීය කර්මාන්ත ගරු අමාත්‍ය එච්.ඩබ්. ගුණසේන මහතා එම අමාත්‍යාංශයේ සහකාර ලේකම් ප්‍රසාදිනී බෝමිරියාරච්චි, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි, අම්බන්තොට දිස්ත්‍රික් ලේකම්  ඩබ්. එච්. කරුණාරත්න යන මහත්ම මහත්මීන් ප්‍රධාන ආරාධිතයින් වශයෙන් උත්සව අවස්ථාවට සහභාගී විය.

su01

su2

su3

su4

su5

su6

su7

su8

Thursday, 23 November 2017 03:31 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන... තවදුරටත් කියවන්න
පරිසර අධිකාරියේ නව පරිසර නිලධාරීන් සඳහා දින 06ක පුහුණු වැඩසටහනක් නව පරිසර නිලධාරීන් සඳහා පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2017 පාසල් දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති පරිසර නියමු... තවදුරටත් කියවන්න
පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වා දීමේ වැඩමුළුව පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න
පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි. 2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින සැමරුම - 2018 1997 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වන දින ලෝක තෙත්බිම්... තවදුරටත් කියවන්න