Tamil-SriLankaEnglish (UK)

13 වන පරිසර නියමු ජාතික කඳවුර - 2017 ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේදී

13 වන පරිසර නියමු ජාතික කඳවුර අගෝස්තු 23 සිට 26 දක්වා හැටන් ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පාසල් 41ක පරිසර නියමුවන් 231 කගේ සහභාගිත්වයෙන් පැවැත්විය. පරිසර නියමුවන් හට පරිසරය පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම, ආකල්පමය වෙනසක් ඇති කිරීම සහ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම මෙම ජාතික කඳවුරේ ප්‍රධානතම අරමුණු වේ.

මෙම කඳවුරේ සමාරම්භක උත්සවය අගොස්තු 24 දින ප.ව. 4.00 ට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ. පී.ටී.කේ ඒකනායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත් වූ අතර, හැටන් මාදෙණිය විද්‍යාලය හා නෝර්වුඩ් දෙමළ විද්‍යාලයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ නර්තනාංගයන් මඟින්  සමාරම්භක උළෙල වර්ණවත් විය. තලවකැලේ තේ පර්යේෂණ ආයතනය, ළිඳුල කුඩා ජල විදුලි බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලගාරය, මවුන්ට් වර්නන් හා ක්‍රේග්ලී වතුයාය ආදී ස්ථාන 5ක් කේෂත්‍ර චාරිකා සඳහා සංවිධානය කර තිබූ අතර ඒ මඟින් ප්‍රායෝගික දැනුම ලබා දීම ප්‍රධාන අරමුණ විය.

මීට අමතරව පරිසර නියමුවන්හට විවිධ ක්ෂෙත්‍ර පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම සඳහා විද්වත්දේශන කිහිපයක් පැවැත් වූ අතර ඒ සඳහා සම්පත් දායකත්වය MAS ක්‍රීඩා ආයතනයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී  එරංග දිල්හාන් මහතා තිරසාර සංවර්ධනය පිළිබඳව ද මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් ප්‍රසන්න වටගොඩ මහතා ක්ෂේත්‍ර චාරිකා පිළිබඳව නුවරඑළිය ප්‍රාදේශීය කීට විද්‍යා විශේෂඥ වෛද්‍ය ජිනාදරී අමරසේන මහත්මිය ඩෙංගු රෝග ව්‍යාප්ත වීම සඳහා බලපාන පාරිසරික කරුණු පිළිබඳව ද ජාතික ශිල්ප සභාවේ සංවර්ධන සහකාර කාංචනා කීර්තිසේන මහත්මිය දේශීය නිපැයුම් පිළිබඳව ද දේශන ඉදිරිපත් කරන ලදී.

සංස්කෘතික වැඩසටහන පරිසර නියමුවන් සඳහාම වූ විශේෂිත වැඩසටහනක් වූ අතර, ඔවුන්ගේ පාසල නියෝජනය කරමින් විවධ සංස්කෘතිකාංග ඉදිරිපත් කරන ලදී. එමෙන්ම රංවල බලකාය විසින්  ඉදිරිපත් කරන ලද  ජන ගී ආශ්‍රිත විශේෂිත සංස්කෘතික වැඩසටහන සියළු දෙනාගේ ආකර්ෂණයට බඳුන් වූ අංගයක් විය.    

අගෝස්තු 26 වන දින කොටගල ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යාපීඨයේ දී 13 වන පරිසර නියමු ජාතික කඳවුර සාර්ථකව නිමාවට පත්විය.

c1

cc2

cc3

cc4

cc5

cc6

cc7

cc8

cc9

cc9 2

cc10

cc11

cc12

cc13

cc14

Thursday, 07 September 2017 07:08 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න