Tamil-SriLankaEnglish (UK)

ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ කසළ කළමනාකරණ ව්‍යාපෘතිය


වර්තමානයේ ශ්‍රි ලංකාවේ නාගරිකව ජනනය වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රබල පාරිසරික හා සමාජයීය ගැටළුවක් බවට පත්වි ඇත. ඊට ප්‍රධාන හේතුව පලාත් පාලන ආයතනවලට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රමාණවත් පහසුකම්  නොමැතිවීමයි. මෙසේ ඝන අපද්‍රව්‍ය නිසි කළමනාකරණයකින් තොරව බාහිර පරිසරයට මුදාහැරීම නිසා විවිධ පාරිසරික හා සමාජයීය ගැටළු පැන නගින අතර, ජනගහනය වැඩිවීම හා කාර්මීකරණය නිසා මෙම ගැටළු තවදුරටත් සංකීර්ණ වෙමින් පවතී.
පළාත් සභාවල අධීක්ෂණය යටතේ, පළාත් පාලන ආයතන මඟින් නාගරික අපද්‍රව්‍ය රැස්කිරීම සිදු වුවත් එම ආයතනය මඟින් ඝන අපද්‍රව්‍ය වර්ගීකරණය දිරාපත්වන ද්‍රව්‍යවලින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමෙන් තොරව හා ප්‍රතිචක්‍රීකරණය කල හැකි ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට යොදා නොගෙන බාහිර පරිසරයට බැහැරලීම සිදුකරයි.
ඊට විසඳුමක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍යවලින් කාබනික පොහොර නිෂ්පාදනය, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම හා කාබනික පෙහොර නිෂ්පාදනයේදී ඉවතලන අපද්‍රව්‍ය හා ප්‍රතිචක්‍රීකරණය සඳහා භාවිතා කළ නොහැකි ඝන අපද්‍රව්‍ය බැහැරලීම සඳහා සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදිකිරිම ඇතුළු ඒකාබද්ධ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය වෙත ලබාදී ඇති අතර, එයින් මිලියන 60 ක මුදලක් ගෘහ ඒකක සඳහා කසළ බඳුන් මිලදී ගැනීම වෙනුවෙන් ද මිලියන 20 ක් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ට්‍රැක්ටර් හා ට්‍රේලර් උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් ද ඉතිරි මිලියන 20 ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් ඉදිකරිම සඳහා ද වෙන් කර ඇත. ඒ අනුව මෙම මධ්‍යස්ථානයේ ඉදිකරිම් සඳහා වැය වන මුළු ඇස්තමේන්තු ගත මුදල රු. 17,345,099.60 ක් වේ.
ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය, මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු කිරීම සඳහා සි/ස සණස ඉංජිනේරු හා සංවර්ධන  ( පුද්) සමාගම සමඟ 2017.08.10 වන දින ගිවිසුම් ගත විය. එම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමන් සහ සි/ස සණස ඉංජිනේරු හා සංවර්ධන  ( පුද්) සමාගමේ ප්‍රධාන කළමනාකරු සහභාගී විය.

Wednesday, 30 August 2017 08:07 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

polythene copy sin

FB Banner Stop-01

envposter-sin

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න