Tamil-SriLankaEnglish (UK)

හේමන්ත ජයසිංහ මහතා මධ්‍යම පරිසර අධිකාරියේ, නව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් වැඩ භාරගනී.

ජාතික පාරිසරික පනත යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්, ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය නිපුණතාවය ඇති හේමන්ත ජයසිංහ මහතා පත්කොට ඇත. ගරු පරිසර අමාත්‍යතුමන් ලෙසින් අතිගරු ජනාධිපතිතුමන් විසින් මෙම පත්වීම සිදුකරන ලද අතර, බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී 2017/07/24 දින පෙරවරුවේ යෙදී තිබූ සුබ මොහොතින් වැඩභාර ගැනීම සිදුවිණ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් පිරිසක් ද එක්ව සිටියහ. කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක් වන හේමන්ත ජයසිංහ මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. එමෙන්ම ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව එංගලන්තයේදී ඩිප්ලෝමා පාඨමාලාවක් ද හදාරා ඇත. මෙරට පෞද්ගලික ආයතන ගණනාවක විවිධ වෘත්තීන්හි නිරත වි ඇති ඒ මහතා පරිසර විෂය හා සමගාමී ක්ෂේත්‍රයන්හි මනා දැනුමක් ලබා ඇති තරුණ නායකයෙකි.

ජනාධිපති කාර්යාලය වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, රන්ජන් ධර්මවර්ධන මහතා පවසා සිටියේ, මේ රටට, පරිසරයට සුවිශේෂි කාර්යභාරයක් කරමින් පවතින මධ්‍යම පරිසර අධිකාරියේ, අධ්‍යක්ෂ ජනරාල් තනතුරට හේමන්ත ජයසිංහ මහතාගේ පත්වීම වෙනුවෙන් සුබ ප්‍රාර්ථනය කරන බවයි.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා පවසා සිටියේ, තරුණ නායකයෙක් ලෙසින් හේමන්ත ජයසිංහ මහතාට මධ්‍යම පරිසර අධිකාරියේ සුවිශේෂි කාර්යභාරයක් සිදුකිරීමට හැකියාවක් ඇති බැවින් ඒ සඳහා සුබ පතන බවයි. මෙහිදි අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන අංශයේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. මුතුකුඩආරච්චි මහතා සඳහන් කළේ, දිගු ඉතිහාසයක් ඇති මධ්‍යම පරිසර අධිකාරිය මේ තත්ත්වයට ඔසවා තැබීම සඳහා නිලධාරීන්ගෙන් සුවිශේෂී දායකත්වයක් ලැබුණු බවත්, එය තවදුරටත් වර්ධනය කරලීම සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනය කරන බවත්ය.

IMG1

IMg2

IMG3

IMG4

Wednesday, 26 July 2017 04:00 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene copy sin

FB Banner Stop-01

envposter-sin

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න