Tamil-SriLankaEnglish (UK)

ලෝක පරිසර දිනය - 2017 බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන

2017 ලෝක පරිසර දින සැමරුම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද වැඩසටහන් මාලාව යටතේ ඌව පළාත කේන්ද්‍රකර ගනිමින් පරිසර හිතකාමී වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කෙරිණ.
කාබනික ගොවිතැන් ක්‍රමවේද තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා ගොවිමහතුන් මෙන්ම තරුණ කණ්ඩායම් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් වැලිමඩදී පවත්වන ලදී. ඒ සඳහා ගොවි මහතුන් 50 දෙනෙකු පමණ සහභාගී වූ අතර එහි දී පොහොර මළු බෙදා දීමක් ද සිදු කෙරිණ. තවද ඉවතලන පොහොර බඳුන් එක් රැස් කිරීම සඳහා අවශ්‍ය වන බඳුන් ද මෙම අවස්ථාවේ දී ලබා දෙන ලදී. බෝගහකුඹුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී මැයි 29 වන දා මෙම වැඩසටහන පැවැත්වීය.
එසේම බදුල්ල ප්‍රදේශයට ජලය ලබා ගන්නා ස්වභාවික ජල උල්පත් ආරක්ෂා කර ගැනිම අරමුණු කර ගනිමින්, ස්ප්‍රිංවැලි, ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව බදුල්ල ස්ප්‍රිංවැලි විදුහලේ සහ කෝට්ටෙගොඩ දෙමළ මහා විදුහලේ දරුවන් ට  දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වූ අතර මෙයට සමගාමීව පාසල් පරිශ්‍රයන් තුළ රෝපණය කිරිම සඳහා කුඹුක් හා පළතුරු පැළ ලබා දීමටද කටයුතු කරන ලදී. එමෙන්ම ජල ටැංකි හා කසළ බඳුන් ප්‍රදානයක් ද මෙදින, එනම් ජුනි 2 වනදා බදුල්ල ස්ප්‍රිංවැලි විදුහලේ දී  සිදු කෙරිණ.
මෙයට සමගාමිව ගෘහස්ත මට්ටමින් හා ආයතන මට්මටින් එකතු වී ඇති භාවිතයෙන් ඉවත් කරන ලද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කරමින් නිසි කළමනාකරණ ක්‍රමවේදයනට යොමු කරවීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක්ම යොදා ගනිමින් ටොන් 5ක පමණ ප්‍රමාණයන් ඒකරාශී කරන ලදී. මෙම වැඩසටහන 2017 මැයි 31 වන දා පැවැත්විය.

Friday, 09 June 2017 10:00 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

polythene copy sin

FB Banner Stop-01

envposter-sin

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දිනය - 2017 බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන 2017 ලෝක පරිසර දින සැමරුම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය... තවදුරටත් කියවන්න