Tamil-SriLankaEnglish (UK)

“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017

මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන පොසොන් පාරිසරික සත්කාරක වැඩසටහන මෙවර ද “පිවිතුරු පරිසරය පූජනීයයි” යන තේමාව යටතේ පොසොන් මස 8, 9 යන දෙදින තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය 2017 ජූනී 08 වන දින පෙරවරු 8.30ට අනුරාධපුර මහමෙව්නා උයනේ දක්ෂිණ දාගැබට යාබද ස්ථානයේදී පැවැත්වෙනුයේ පොසොන් කමිටුවේ සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, ආර්.ඒම්. වන්නිනායක මහතාගේ හා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ, උතුරු මැද පළාත් පරිසර අමාත්‍යංශයේ ලේකම්තුමා සමඟ අනුරාධපුර මහනගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී විමට නිමියතය. පරිසර නියමු දරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, විවිධ වූ ස්වෙච්ඡා කණ්ඩායම් සමඟින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් ද  මේ සඳහා සහභාගි වීමට නියමිතව ඇත.

මේ සමයේ බැතිමතුන් විසින් ජනනය කරන විවධ ස්වභාවයේ අපද්‍රව්‍ය බැහැර කිරීමට යොමු කරවීම, පොලිතීන්, ප්ලාස්ටික් වැනි පරිසරයට වැඩි හානියක් සහිත ද්‍රව්‍ය භාවිතය අවම කරවීම හා එවැනි දේ නැවත ආපසු රැගෙන යාමට බැතිමතුන් යොමු කරවිම, දිරාපත්වන අපද්‍රව්‍ය නියමිත බදුන්වලට පමණක් බැහැර කිරීමට යොමු කරවීම, විශේෂයෙන් වැව් පද්ධති ආශ්‍රිත ප්‍රදේශයේ පරිසරය අපවිත්‍ර කිරීමෙන් වළක්වා ගැනීමට අදාළව බැතිමතුන් දැනුවත් කිරිම සිදු කෙරේ.  ඒ සඳහා පරිසර හානියක් සිදු නොවන ආකාරයෙන් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය, පත්‍රිකා ලබා දීම, ජංගම ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, වීදී නාට්‍ය අනුසාරයෙන් පරිසර පණිවිඩය ලබා දිම මෙන්ම රජරට සේවය, රන්ගිරි එන්.එම්. නාළිකාව ප්‍රධාන කරගත් ගුවන් විදුලි හා රූපවාහිනී නාළිකා මඟින් ප්‍රචාරයක් ලබා දිම වැනි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරේ.

Wednesday, 31 May 2017 06:10 අවසන් වර ට යාවත්කාල කළ දිනය

WMAppBansin

infoactsin

envposter-sin

  epayment 

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
පරිසර නියමුවන්ගේ දේශීය සංචාරය පසුගිය 23 වනදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2016 වර්ෂයේ... තවදුරටත් කියවන්න
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න