Tamil-SriLankaEnglish (UK)

අපද්‍රව්‍ය කළමනාකරණ ශක්‍යතා අධ්‍යනයට පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලාවේ නිරීක්ෂණයක්.

 

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන කාර්යය සඳහා අත්‍යවශ්‍ය සිමෙන්ති නිෂ්පාදනය කරනු ලබන පුත්තලම සියෑම් සිටි සිමෙන්ට් (හෝල්සිම්) ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබද විශේෂ නිරීක්ෂණයක් සඳහා පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි  මහතා හා අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්  පිරිසක් සහභාගි වූහ. දීර්ඝ කාලයක් තිස්සේ මෙරටට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුත් සිමෙන්ති නිෂ්පාදන සමාගමක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් තිබෙන සියෑම් සිටි ආයතන විසින්  සිය නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන ආකාරයත්, පරිසර දුෂණ පාලනය සඳහා ගෙන ඇති පියවරයන් පිළිබදවත් මෙහිදී විශේෂ අවධානයකට ලක්විය. මෙම සියෑම් සිටි නිෂ්පාදන සමාගමට අනුබද්ධිත ඉන්සී ඉකෝ සයිකල් (ජියෝ සයිකල්) ආයතනය මෙරට අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජාතික හරිත සම්මානයෙන් පිදුම් ලැබූ සමාගමක් වශයෙන් ද නමක් දිනා සිටී. මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන පාරිසරික ආරක්ෂණ බලපත්‍ර කොන්දේසිවලට අනුගතව ක්‍රියාත්මක වීම පිළිබදවත්, මෙරට අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුවට විසදුම් ලබාදීමේදී එම ආයතනයෙන් ඉටු කෙරෙන කාර්යභාරය පිළිබදවත් කරුණු අධ්‍යනය කිරීම මෙම නිරීක්ෂණයේ අරමුණ විය.  
මෙරට ඇතැම් ප්‍රදේශවල ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබූ දහයියා, ලී කුඩු, රෝහල් අපද්‍රව්‍ය, පොලිතීන්, තුනී ප්ලාස්ටික් වර්ග, රෙදි කැබලි  ආදී වශයෙන්  වන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙම කර්මාන්ත ආයතනයේ උදුන් සඳහා ඉන්ධන කාරකයක් ලෙස භාවිතා කරන අතර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා එය සුවිශේෂී පිටු වහලක් ද  වන්නේය. වර්තමානයේ රටක් ලෙසින් අප මුහුණ දෙන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව විසදා ගැනීමේදී මෙවැනි කර්මාන්තශාලා මඟින් තවදුරටත් ඒ සඳහා ලබා ගත හැකි දායකත්වය  පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන ලදී. රෝහල් වැනි ආයතනයන් මෙන්ම වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිත කරන ආයතනයන්ගෙන් ඉවත දමන උපද්‍රවකාරී අපද්‍රව්‍යන් යම් පමණකට  මෙම ආයතනයේ උදුන් සඳහා භාවිතා කරමින් අධික තාපාංක යටතේ ඒවා දහනය කරමින් වියෝජනය කර දැමීම සිදු කරන අතර එවැනි ද්‍රව්‍ය මඟින් පරිසරයට සිදුවිය හැකි හානිදායක බලපෑම් පාලනය කිරීමේ හැකියාව ද මෙලෙස කරන දහනයන් මගින් ලැබේ.
යම් කර්මාන්ත ක්‍රියාවලියක් රටේ ජාතික ආර්ථික පෝෂණයට දායක වෙමින් පරිසර හිතකාමී ආකාරයෙන් ක්‍රියාත්මක වීම ද විශේෂයෙන් වත්මන් සමජයේ අත්‍යවශ්‍ය වූවක් වී ඇත. ඊට සමගාමීව රටේ පවතින ප්‍රභල ප්‍රශ්නයක් වන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුවලට යම් ආකාරයක විසදුමක් ලබා දෙමින් ක්‍රියාත්මක වන්නේ නම් එයද සුවිශේෂී වු කාර්යයභාරයක් ඉටුකිරීමක් ද වන්නේ ය. සියෑම් සිටි සිමෙන්ති නිෂ්පාදන  ආයතනය එම ඵලදායී සමාජ මෙහෙවරට උරදි කටයුතු කරමින් සිටින  අතර සෙසු කර්මාන්ත හිමියන් ද  එම ආදර්ශය ලබාගනිමින් පරිසර දූෂණය පාලනය සඳහා සක්‍රීය ආකාරයෙන් දායකත්වය ලබා දිය හැකි බවත් මෙම නිරීක්ෂණ චාරිකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකරියේ සභාපති මාහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසීය. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියයේ සභාපතිතුමන්, අධ්‍යක්ෂ ජනරාල්තුමන් සමඟ පරිසර දූෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක මහතාත්, පරිසර දූෂණ පාලන අංශයේ අධ්‍යක්ෂ කේ. ශිවකුමාර් මහතා හා අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර  යන මහත්වරුන් සහභාගී වූහ.

IMG 0974

IMG 0637

IMG 0647

IMG 0753

IMG 1045

IMG 1087

Friday, 24 March 2017 09:06 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

polythene copy sin

FB Banner Stop-01

envposter-sin

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දිනය - 2017 බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන 2017 ලෝක පරිසර දින සැමරුම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය... තවදුරටත් කියවන්න