Tamil-SriLankaEnglish (UK)

පරිසර නියමුවන්ගේ දේශීය සංචාරය

පසුගිය 23 වනදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2016 වර්ෂයේ ජනාධිපති පදක්කමෙන් පිදුම් ලැබූ පරිසර නියමුවන්,ජනාධිපති පදක්කම්ලාභින් බිහිකළ ගුරුභවතුන්, සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සමගින් 31 යුතු කණ්ඩායමක් සඳහා විශේෂ පාරිසරික සංචාරයකට සහභාගීවීමේ අවස්ථාව ලබා දෙන ලදී. එහිදී 2014 වසරේ ජාතික හරිත සම්මාන උළෙලේ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ නිෂ්පාදන අංශයේ රන් සම්මානය හිමිකර ගත්  හොරණ පිහිටි නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය තුළ පරිසර හිතකාමී සංකල්පය ප්‍රායෝගිකව භාවිතයේ යොදවන ආකාරය සහ එහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට සහභාගීවුවන්හට අවස්ථාව ලැබිණි.  
එමෙන්ම උසස් පරිසර හිතකාමී ක්‍රියාකාරීත්වය සඳහා 2016 වසරේ ජාතික හරිත සම්මාන උළෙලේ රන් සම්මානය හිමිකර ගත් වැලිගම පිහිටි පිහිටි බාබරීන් ආයුර්වේද හෝටලයේ ක්‍රියාකාරීත්වයද නිරීක්ෂණය කළ ඔවුන්හට එහි ආයුර්වේද ඔසු උයන නැරඹීමට හා කෙටි යෝග අභ්‍යාසයක් සිදුකිරීමේ අවස්ථාව ද ලැබිණි. මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ පරිසර නියමු වැඩසටහනේ ඉහළ කුසලතා දක්වන දරුවන් සඳහා මෙවැනි අවස්ථා ඉදිරියේදී ද ලබා දෙන බවයි.
IMG 0436

IMG 0316

IMG 0327

 

IMG 0499

IMG 0503

IMG 0519

IMG 0579

IMG 0604

 

Friday, 24 March 2017 09:09 අවසන් වර ට යාවත්කාල කළ දිනය

WMAppBansin

infoactsin

envposter-sin

  epayment 

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
පරිසර නියමුවන්ගේ දේශීය සංචාරය පසුගිය 23 වනදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2016 වර්ෂයේ... තවදුරටත් කියවන්න
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න