Tamil-SriLankaEnglish (UK)

ජනාධිපති පරිසර සම්මාන 2024

pea2.jpg

 

 

 

Ø  2024 ජනාධිපති සම්මාන උළෙල සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි විෂය ක්ෂේත්‍ර

A. කර්මාන්ත, ව්‍යාපාර සහ ව්‍යාපෘති අංශය (1-16)

 

ඝන අපද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ / ප්‍රතිචක්‍රීකරණය කිරීමේ/ බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත

 

 රසායනික නිෂ්පාදන කර්මාන්ත

 

වාහන සේවා ස්ථාන

 

ආහාරපාන නිෂ්පාදන කර්මාන්ත

 

හෝටල්

 

▪ රෙදිපිලි සැකසුම් කර්මාන්ත

 

ඖෂධ නිෂ්පාදන සහ රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත

 

ආරෝග්‍යශාලා

 

රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත

 

සත්ත්ව ගොවිපල

 

▪නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත

 

තේ කර්මාන්තශාලා

 

මුද්‍රණ කටයුතු සහිත ඇසුරුම් නිෂ්පාදන කර්මාන්ත

 

ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත

 

පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති - කුඩා පරිමාණ කුඩා ජලවිදුලි ව්‍යාපෘති, සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ සුළං බලශක්ති උත්පාදන ව්‍යාපෘති

 

§පළාත් පාලන ආයතනවල ඝනඅපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති

  

B. ආයතන, සමාජ සහ ජන මාධ්‍ය කාණ්ඩය (1-8)

 

පාසල්–1AB, 1C, Type 2&3

 

පරිසර හිතකාමී රාජ්‍ය ආයතන

 

පරිසර හිතකාමී පෞද්ගලික ආයතන

 

පරිසර සංරක්ෂණය සඳහා විශිෂ්ඨ දායකත්වය ලබා දී ඇති පුද්ගලයන්

 

පරිසර සංරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා කැපවී සිටින හොඳම රාජ්‍ය නොවන සංවිධානය

 

පරිසර හිතකාමී නව නිර්මාණ (පාසල් / විශ්ව විද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතන / විවෘත අංශය)

 

                         (සිංහල / දමිළ / ඉංග්‍රීසි)

 

ජන මාධ්‍ය අංශය

 

තනි පුද්ගල (රූපවාහිනී/ගුවන්විදුලි/පුවත් පත්තර)

( සිංහල/ දෙමළ / ඉංග්‍රීසි )

 

චැනල් (රූපවාහිනී/ගුවන්විදුලිය) සහ ප්‍රවෘත්ති පත්‍ර

( සිංහල / දෙමළ  ඉංග්‍රීසි )
කරුණාකර අමතන්න-මාධ්‍ය නිලධාරි: ශ්‍රියංජනී ලොකුලියන (077 6252288)

  

වැඩි විස්තර

 

2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.

 

අයදුම්පත මෙම ඕනෑම භාෂාවකින් පිළිගත හැකිය (සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ)

 

අයදුම්පත් මධ්‍යම පරිසර අධිකාරියේ (www.cea.lk) වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය, නැතහොත් පහත 
සඳහන් දුරකථන අංක
011-2873447, 011-2872278 සහ Hotline-1981 ඔස්සේ මධ්‍යම පරිසර අධිකාරිය
ඇමතීමෙන් ලබාගත හැකි අතර ආචාර්ය එන්.එම්.එල්. රාධිකා
, සහකාර අධ්‍යක්ෂ (පරිසර ප්‍රවර්ධන ඒකකය)
0706725222
හරහා, (ext. 2174) සහ අර්ෂා කුමාරි මහත්මිය, වැඩබලන ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි(පරිසර දූෂණ පාලන ඒකකය) 0713486339 ඇමතීමෙන් ලබාගත හැකිය.

 

2018, 2019 සහ 2021/2022 ජනාධිපති පරිසර සම්මාන ජයග්‍රාහකයින් සහ "ජාතික හරිත සම්මානය-රන් සම්මානලාභීන්" මෙවර අයදුම් නොකළ යුතුය. 
සඳහන් කරන වසරවල රිදී
, ලෝකඩ සහ කුසලතා ජයග්‍රාහකයින් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

 

අදාළ ලියකියවිලි සහ අනෙකුත් උපකාරක ලේඛනවල පිටපත් සමඟ නිසි ලෙස සම්පුර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය, 
නැතහොත් 2024 මාර්තු 15 හෝ ඊට පෙර"සභාපති, තේරීම් කමිටුව, ජනාධිපති පරිසර සම්මාන-2024, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පියස, 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල මාවතවෙත භාර දිය යුතුය.

 

අයදුම්පත අමුණා ඇති කවරයේ වම් පැත්තේ "අදාළ ක්ෂේත්‍රය" පැහැදිලිව සඳහන් කළ යුතුය.

 

ජයග්‍රාහකයින්ට ජනාධිපති පරිසර සම්මානය, පරිසර සම්මානය (රිදී), පරිසර සම්මානය (ලෝකඩ) සහ කුසලතා සම්මාන පිරිනැමේ.

 

අයදුම්පත්‍ර විෂය පිළිබඳ දක්ෂ විශේෂඥ මණ්ඩලයක් විසින් විධිමත් ලෙස ඇගයීමසිදුකරනු ලබන අතර ජයග්‍රාහකයා තෝරා ගැනීමට මණ්ඩලය විසින් ගනු ලබන තීරණය අවසාන තීරණය වනු ඇත.

 

 

 

Saturday, 24 February 2024 03:29 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

PEA2025

bios

biodegsin

airwaterIndex

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
2025 නව වසරේ ආරම්භය සනිටුහන් කිරීම 2025 නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න