Tamil-SriLankaEnglish (UK)

ගරු පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමාගේ පණිවුඩය

විවිධ ජගත් සම්මුති හා ගිවිසුම් ගණනාවක් ඔස්සේ පරිසර හිතකාමී සංවර්ධනයට ලෝක නායකයින් පිවිස ඇති අතර සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ තවදුරටත් පුළුල් කර තිරසර සංවර්ධන අභිමතාර්ථ දාහතක් සාධනය කර ගනිමින් 2030 වර්ෂය වන විට තිරසර සංවර්ධනය ළඟා කර ගැනීමට ලෝකය හා එක්ව අප රට ද යොමු ව සිටී. අපගේ ගමන් මඟ නියමිත දිසාවට කේන්ද්‍ර කර ගනිමින් වේගවත් කිරීම වෙසෙසින්ම අවශ්‍ය වේ.ඒ සඳහා සියලු අමාත්‍යාංශවලට හා ආයතනවලට වගකීමක් තිබෙන අතර ප්‍රමුඛ ආයතනයක් ලෙස පරිසර හා වනජිවී සම්පත් අමාත්‍යාංශයයටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියට විශාල වගකිමක් පැවරෙනු ඇති බව මාගේ විශ්වාසයයි.

මධ්‍යම පරිසර අධිකාරිය ස්වභාවික සම්පත් තිරසර ලෙස භාවිතය පිළිබඳව මෙන්ම මනුෂ්‍යයන් විසින් මෙන්ම විවිධ කර්මාන්ත හා සේවා ආයතන විසින් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ සිදුකරන පරිසර දුෂණය පාලනය හා වැළැක්වීම නිසි ලෙස නියාමනය කරනු දැකීම පොදු ජනතාවගේ අපේක්ෂාවයි. ඒ වගේම පොදු ජනතාවගේ පාරිසරික උද්‍යෝගය හා සහභාගීත්වය ගොඩනැඟීම මෙන්ම පරිසර හිතකාමී කර්මාන්ත හා සේවා සංස්කෘතියක් බිහි කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සිදු කරන කාර්ය භාරය අගය කරමින් සිය කාර්යභාරය තවතවත් දිරිමත් කිරීමට හැකි වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

ජයන්ත සමරවීර

ගරු පරිසර රාජ්‍ය අමාත්‍ය

Monday, 06 January 2020 06:39 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය - 2020 “ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්” මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න