Tamil-SriLankaEnglish (UK)

පැමිණිලි අංශය

මධ්‍යම පරිසර අධිකාරියට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා 2007 නොවැම්බර් මස පැමිණිලි අංශය පිහිටුවන ලදී.

ක්‍රියාකාරකම්

  • මධ්‍යම පරිසර අධිකාරියට ලැබෙන පැමිණිලි භාර ගැනීම සහ වාර්තා තබා ගැනීම

  • පැමිණිලි ලියා පදිංචි කිරීම

  • මධ්‍යම පරිසර අධිකාරියේ අදාල ඒකක/ අංශ/ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණිලි දන්වා යැවීම. යම් පැමිණිල්ලක් මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමෙන් බැහැර නම් ඊට අදාල ආයතනය/ආයතන වෙත එම පැමිණිල්ල යොමු කිරීම

  • පැමිණිලිකරු වෙත පැමිණිල්ලේ ප්‍රතිඵලය දන්වා යැවීම
  • පැමිණිලි සම්බන්ධ කටයුතු කිරිමේ ප්‍රගතිය වාර්තා කිරිම

ඔබගේ පැමිණිල්ලට සිදුවන්නේ කුමක් ද?

පැමිණිලි අංශය වෙත පැමිණිල්ලක් ලැබුණු විට එම පැමිණිල්ලට ලියා පදි’චි අංකයක් ලබා දෙනු ලැබේ. ඉන් පසු එම පැමිණිල්ල අදාල ආයතනය/ ආයතන වෙත දන්වා යවනු ලැබේ.

මධ්‍යම පරිසර අධිකාරියට ලැබෙන බොහෝ පැමිණිලි ජාතික පරිසර පනත උල්ලංඝණය වීම සම්බන්ධ ඒවා වේ. උදා. කර්මාන්තශාලාවක් මගින් සිදු කෙරෙන කර්මාන්ත දූෂණය
ඔබගේ පැමිණිල්ල මධ්‍යම පරිසර අධිකාරියට අදාල වන්නේ නම්, මධ්‍යම පරිසර අධිකාරි මූලස්ථානයේ අදාල අංශවල සේවයේ නියුතු නිලධාරීන් විසින් හෝ  මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජිත පළාත්/ දිස්ත්‍රික් කාර්යාල වල සේවයේ නියුතු නිලධාරීන් විසින් විමර්ශනයක් සිදු කෙරෙනු ඇත.

මධ්‍යම පරිසර අධිකාරියට අදාල නොවන පැමිණිලි ඊට සුදුසු පියවර ගැනීම සඳහා ඒවාට අදාල වගකිවයුතු ආයතනය/ආයතන වෙත දන්වනු ලැබේ. මෙහි පිටපතක් පැමිණිලිකරු වෙත ද යොමු කරනු ලැබේ. උදා. ප්‍රාදේශීය කාර්යාල, භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව

Friday, 27 November 2015 06:38 අවසන් වර ට යාවත්කාල කළ දිනය

WMAppBansin

infoactsin

  epayment 

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
පරිසර නියමුවන්ගේ දේශීය සංචාරය පසුගිය 23 වනදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2016 වර්ෂයේ... තවදුරටත් කියවන්න
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න