Tamil-SriLankaEnglish (UK)

ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දින සැමරුම - 2018 - කොස් පැළ 2000ක් කිලිනොච්චියේ දී රෝපණය කෙරේ.

සෑම වර්ෂයකම ජුනි මස 17 දිනට යෙදෙනෙ ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දින සැමරිම සඳහා කොස් පැළ 2000 ක් රෝපණය කිරීමේ වැඩසටහනක් එදින පෙරවරු 10.00ට කිලිනොච්චියේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගොවිපල පරිශ්‍රයේදී පවත්වන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පාරිසරික සත්කාරය සඳහා මුලතිව් සහ කිලිනොච්චියේ පිහිටි සිවිල් ආරක්ෂක බලකායන්හි අණදෙන නිලධාරීන් සමග මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

ගෝලීය වශයෙන් එළඹෙමින් තිබෙන උෂ්ණත්වය ඉහළයාම, ආහාර අර්බුදය, පරිසර දූෂණය, පාංශූ හායනය, ජල පෝෂක විනාශවීම, ජෛව විවිධත්වයට හානි සිදුවීම.... වැනි අර්බුද සඳහා ද තිරසාර විසඳුමක් වන්නේ ශාක රෝපණයයි. ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් වායූගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමත්, ආහාර අවශ්‍යතාව සපුරාගැනීමත් සමඟ ජෛව විවිධත්වය පෝෂණය, පාංශූ සංරක්ෂණය මෙන්ම සුවදායී පරිසරයක් ඇති කිරීමත් ආරමුණු කරගනිමින් මෙම කොස් පැළ රෝපණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.


මෙදින රුක් රෝපණ වැඩසටහන සඳහා සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චි හා මුලතිව් කඳවුරුවල සෙබළ සෙබළියන් සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ මානව සම්පත් සංවර්ධන, පරිපාලන හා මුදල් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බුද්ධික වෙහෙරගොඩ මහතාත්, පිළිසරු ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බන්දුල සරත්කුමාර මහතාත් සහභාගී වූහ. මධ්‍යම පරිසර අධිකාරියේ උතුරු පළාත් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ටී. සුබෝහරන් මහතා සමඟ ආයතනයේ නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.

 

010305141620

Tuesday, 26 June 2018 06:02 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
ලෝක හරිත දින සැමරුම - 2018 රුක් රෝපණ වැඩසටහන ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක හරිත දින සැමරුම මෙන්ම... තවදුරටත් කියවන්න