Tamil-SriLankaEnglish (UK)

ටකකුරා ක්‍රමවේදය භාවිතයෙන් කොම්පෝස්ට් සෑඳීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.

පරිසර පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය කොජි ටකකුරා මහතා 2004 වර්ෂයේදී ටකකුරා කොම්පෝස්ට් ක්‍රමවේදය ලෙස නව කසළ කළමනාකරණ ක්‍රමවේදයක් ලොවට හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමවේදය මගින් සරල තාක්ෂණයක් උපයෝගී කරගෙන සිඝ්‍රගාමී ආකාරයෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කළ හැකිය. දැනට ලෝකයේ ආසියානූ හා දකුණු, මධ්‍යම අප්‍රිකානූ රටවල මෙම ක්‍රමය ප්‍රචලිතය.

ආචාර්ය ටකකුරාගේ මෙම නව ප්‍රයත්නය වෙනුවෙන් ඔහු සම්මානයට පාත්‍ර වූ අතර, 2007 වර්ෂයේදී ඉන්දුනිසියාවෙන් ද, 2016 වර්ෂයේදී ඉක්වදෝරයෙන් හා පිලිපීනයෙන් මෙතුමාව ඇගැයුමට ලක්කරන ලදී.


මේ ආකාරයෙන් කොම්පෝස්ට් නිෂ්පාදනයේ පවතින සරළත්වය හා එහි වැදගත්කම හා කාබනික කසළ කළමනාකරණයේ කාලීන අවශ්‍යතාව සලකා බලා මධ්‍යම පරිසර අධිකාරිය හා JICA ව්‍යාපෘතිය එක්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 මැයි මස 15 දින අධිකාරියේ දී පවත්වන ලදී.
ආචාර්ය ටකකුරා විසින් ඔහුගේ මෙම ක්‍රමවේදය පිළිබඳ දීර්ඝ හැඳින්වීමක් සිදුකළ අතර, ආසියානූ රටවල මෙම ක්‍රමවේදය ක්‍රියාවට නැංවූ ආකාරය පිළිබඳව විස්තර කරන ලදී. ඔහුගේ මෙම ක්‍රමවේදය මූලික වශයෙන් ක්ෂූද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය පදනම් කරගනිමින් සිදුකරනු ලබයි. දේශනය තුළදී කොම්පෝස්ට් ක්‍රියාවලියට අදාළ මූලික පියවරයන් ප්‍රායෝගිකව මෙතුමා විසින් ඉදිරිපත් කරන ලදී.


ගෘහාශ්‍රිතව සාමාන්‍ය කසළ බඳුන් භාවිතා කරමින් මෙම කොම්පෝස්ට් නිෂ්පාදනය සිදුකළ හැකිය. ප්‍රථම පියවර වශයෙන් සීනී, සෝයා සෝස්, යෝගට් හා ඊස්ට් පිරිසිදු ජලයට මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගත යුතු අතර, එය දින 4 ක කාලයක් පැසීමට ලක්කරයි. එමෙන්ම දහයියා හා හතු කැබලි භාවිතා කර අවශ්‍ය මිශ්‍රන මාධ්‍ය සකසා ගනී. මෙම මාධ්‍ය කසල සමඟ මිශ්‍ර කිරීමෙන් දින 04 ක් ඇතුළත ගෘහාශ්‍රිත කොම්පෝස්ට් සාදාගත හැකිය. මෙම ක්‍රමයේ විශේෂත්වය වන්නේ, සාමාන්‍ය කොම්පෝස්ට් සෑදිමේ ක්‍රමවේදය මෙන් දුර්ගන්ධය වහනය වීමක් සිදුනොවීමයි.
මෙම දේශනය සඳහා අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජි. ජේ. එම්. යූ ඉන්ද්‍රරත්න මහතා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

DSC 0338 1j10j12j16j17

Tuesday, 22 May 2018 06:13 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
ලෝක හරිත දින සැමරුම - 2018 රුක් රෝපණ වැඩසටහන ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක හරිත දින සැමරුම මෙන්ම... තවදුරටත් කියවන්න