Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට...........

රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත් ප්‍රශස්ත ආකාරයෙන් ලබාදීම සඳහා රජය මගින් ගෙන යන වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය ද, ප්‍රාදේශිය කාර්යාල ස්ථාපිත කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදී.

ඒ යටතේ උතුරු පළාත සඳහා ඉදිකරන ලද නව පළාත් කාර්යාලය 2018/05/06 දින පෙරවරු 11.00ට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. අරිවියල්නගර්, කිලිනොච්චිය යන ලිපිනයේ මධ්‍යම පරිසර අධිකාරියේ නව උතුරු පළාත් කාර්යාලය පිහිටා ඇත.

රුපියල් මිලියන 56 ක වියදමින් ඉදිකරන ලද මෙම නව නිවහන ආරම්භ කිරීමත් සමඟ ස්වභාවික සම්පත් සංරක්ෂණය, පරිසර දුෂණ පාලනය මෙන්ම පරිසර අධ්‍යාපනය යන ප්‍රධාන පාරිසරික ක්ෂේත්‍රයන්ට අදාළ කාර්යයන් වඩාත් සක්‍රීය හා ප්‍රශස්ත ආකාරයෙන් ඉටුකරගැනීමට ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව සැලසෙනු ඇත.
නව කාර්යාලය විවෘත කිරීමේ උත්සවය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ, සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළුව උතුරු පළාත් කාර්යාලයට අනුයුක්ත ව සේවය කරන පරිසර නිලධාරීන් සහභාගී වූහ.

 20180506 11125420180506 11061220180506 11023120180506 11030320180506 11064320180506 11065720180506 11213320180506 11244920180506 111554

Friday, 18 May 2018 10:37 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
ලෝක හරිත දින සැමරුම - 2018 රුක් රෝපණ වැඩසටහන ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක හරිත දින සැමරුම මෙන්ම... තවදුරටත් කියවන්න