Tamil-SriLankaEnglish (UK)

පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිතයෙන් කරන ලද වෙසක් පහන් කූඩු තරගයේ ජයග්‍රහකයින්ට ත්‍යාග ප්‍රදානය කෙරේ.

සම්බුදු තෙමඟුල සිහිපත් කරමින්, මධ්‍යම පරිසර අධිකාරියේ සේවක සුභ සාධක සංගමය විසින් පරිසරයට හිතකර ඉවතලන ද්‍රව්‍ය යොදා ගනිමින් පරිසර හිතකාමී වෙසක් පහන් කූඩු තරගාවලියක් අධිකාරියේ, සේවක මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලදී.

අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ ඒකක සහ අංශ නියෝජනය කරමින් තරගය සඳහා නිර්මාණ රැසක් ඉදිරිපත් කර තිබුණි. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ සහ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ මඟපෙන්වීම සහ උපදේශනය මත සේවක සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගයේ ප්‍රථම ස්ථානය ප්‍රධාන කාර්යාලයේ, අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයට හිමි විය. ඉවතලන ගෝනි සහ කුරුළු පිහාටු යොදා ගනිමින් ඔවුන්ගේ නිර්මාණය සකස් කර තිබුණි.
දෙවන ස්ථානය ප්‍රධාන කාර්යාලයේ, නීතී ඒකකයට හිමි වු අතර ඉවතලන කොහු ගෝනි සහ දිරාගිය කොළ වර්ග ඔවුන්ගේ නිර්මාණයට යොදා ගෙන තිබුණි. තේ මණ්ඩි, ටිෂූ සහ ඔට්ටපාලූ ආදිය යොදා ගනිමින් ජිවත්වීම පිණිස ගසක ඇති වටිනාකම දේශීත බුද්ධ දේශනා ඇතුළත් කරමින් අලංකාර නිර්මාණයක් කර තිබූ පරිසර අධ්‍යාපන හා දැනුම්වත් කිරීම් අංශයට තෙවන ස්ථානය හිමිවිය.
එහිදි අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රකාශ කළේ, පරිසරයට අහිතකර පොලිතීන්, ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය යොදා ගනිමින් විවිධ සැරසිලි මෙන්ම වෙසක් පහන් කූඩූ නිර්මාණය කරන මෙවන් යුගයක පරිසර අධිකාරියේ සේවක මණ්ඩලයේ මෙම ක්‍රියාවලිය ඉතා වැදගත් ආදර්ශයක් මෙන්ම සියළු දෙනාම එකමුතු වී මෙවැනි නිර්මාණ සිදුකිරීම අගය කරන බවයි.

  • IMG 3787IMG 3794IMG 3799IMG 3803IMG 3826IMG 3830IMG 3840IMG 3844IMG 3841IMG 3854IMG 3907IMG 3882
Wednesday, 02 May 2018 09:29 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
ලෝක හරිත දින සැමරුම - 2018 රුක් රෝපණ වැඩසටහන ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක හරිත දින සැමරුම මෙන්ම... තවදුරටත් කියවන්න