Tamil-SriLankaEnglish (UK)

“ සුවසර තක්සලාව” හරිත පාසල් ප්‍රවර්ධන හා ඇගයීම් වැඩසටහනේ ජයාග්‍රාහී පාසල් සඳහා ත්‍යාග ප්‍රදානය කෙරේ.

සුවදායී පරිසරයකින් යුත් හොඳම පාසල් තේරීමේ හා ජයාග්‍රාහී පාසල් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය 2017 පෙබරවාරි මස 14 දින පස්වරු 3.00ට පරිසර අමාත්‍ය, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ, ප්‍රධාන කාර්යාලයේ දී පැවැත් විය.  අධ්‍යාපන අමාත්‍ය, ගරු අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙම උත්සවයට සහභාගී විය.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන සුවසර තක්සලාව වැඩසටහන යනු සුවදායී පරිසරයකින් යුත් ඉගෙනුම් වටපිටාවක් මෙරට පාසල් පද්ධතිය තුළ ස්ථාපිත කිරීම, ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකි. 2002 වර්ෂයේ දී මෙරට පාසල් බොහොමයක ඩෙංගු උවදුර ව්‍යාප්ත වෙමින් පාසල් දරුවන් කීපදෙනෙකු මිය යාමත්, තවත් විශාල පිරිසක් දැඩි සේ ඔත්පල වීමත් යන පසුබිමක් තුළ 2002 වර්ෂයේ දීම මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට සමස්ත පාසල් පද්ධතිය තුළ පිරිසිදු පාරිසරික වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණෙන් සුවසර තක්සලාව වැඩසටහන ආරම්භ කරන ලදී.
පරිසර අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පුර්ණ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මේ වන විට මෙරට පාසල් අතර ජනප්‍රිය හා ඵලදායී වැඩසටහනක් බවට පත් වී ඇත. ගහකොළ සතා සීපාවාට මෙන්ම පස, ජලය, වායුව හා වනාන්තර වැනි ස්වභාවික සම්පත්වලට ආදරය කරන දරු පරපුරක් බිහි කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පාසල් පරිසර නියමු ජාතික වැඩසටහනට සමගාමීව සුවසර තක්සලාව වැඩසටහන ද ක්‍රියාත්මක කිරීම, සුන්දර පරිසරයක් පාසල් ප්‍රජාවට තිළිණ කිරීම සඳහා හේතුපාදක වන බැව් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ මහතා පැවසීය.

IMG 0146

 

IMG 0150IMG 0152IMG 0024IMG 0035IMG 0049IMG 0050IMG 0159IMG 0047IMG 9955IMG 9978

 

Friday, 03 March 2017 05:20 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene copy sin

FB Banner Stop-01

envposter-sin

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න