Tamil-SriLankaEnglish (UK)

වායු සම්පත් කළමනාකරණ සහ පසු විපරම් ඒකකය

වායු සම්පත් කළමනාකරණ සහ පසු විපරම් ඒකකය, මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන රසායනාගාරයේ අනුබද්ධිත අංශයක් ලෙස ක්‍රියාත්මක වේ. සංසරණ වායුගෝලීය සංයුතිය කළමනාකරණය, වායු දූෂක ප්‍රභව පාලනය, පාරිසරික ශබ්ද හා කම්පන පාලනය සහ කළමනාකරණය කිරීම මෙම ඒකකයේ මූලික කාර්යයන් වේ. 

වායු සංයුතිය කළමනාකරණය සඳහා වන ප්‍රමිතීන් සහ රෙගුලාසීන් සකස් කිරීම රටකට අත්‍යවශ්‍ය කාර්යයක් වන අතර, මෙම ඒකකය රට තුළ වායු දූෂණය මගින් සිදු වන පරිසර විනාශය පාලනය කිරීම සඳහා අවශ්‍ය සංසරණ වායු සංයුතිය කළමනාකරණය සඳහා ප්‍රමිතීන් සැකසීම, රථ වාහන මගින් නිකුත් කෙරෙන වායු විමෝචනය සඳහා ප්‍රමිතීන් සැකසීම, කර්මාන්ත මගින් සිදු කෙරෙන වායු විමෝචනය සඳහා ප්‍රමිතීන් සැකසීම, කර්මාන්ත මගින් සිදු කෙරෙන ශබ්ද විමෝචනය සඳහා ප්‍රමිතීන් සැකසීම, රථ  වාහන නලා ශබ්ද පාලනය කිරීම සඳහා ප්‍රමිතීන් සැකසීම, කම්පන පාලන ප්‍රමිතීන් සැකසීම යන කාර්යයන්හි පූර්ණ කාලීනව නිරත වේ.

මෙම ඒකකය මගින් සිදු කරන ප්‍රධාන සේවාවන්   

තාක්ෂණික සේවා

1. සංසරණ වායු තත්ත්ව පසු විපරම් කිරීම.

2. ස්ථානීය ප්‍රභව විමෝචන පසුවිපරම් කිරීම/ මිනුම් කිරීම.

3. ශබ්ද හා කම්පන පසු විපරම් කිරීම / මිනුම් කිරීම.

4. පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රියාවලිය හසුරුවීමේදි තාක්ෂණික සහාය ලබා දීම.

5. පාරිසරික බලපෑම් ඇගැයීම් ක්‍රියාවලිය හසුරුවීමේදි තාක්ෂණික සහාය ලබා දීම

6. සිද්ධි මූලාශ්‍රිත වායු තත්ත්ව පසු විපරම් කිරීම.

7. මධ්‍යම පරිසර අධිකාරියේ උපදේශන ආයතන හා විද්‍යාගාර ලියා පදිංචි කිරීමේ වැඩසටහනට අවශ්‍ය  සහාය ලබාදීම.

නියාමන සේවා/ කෘත්‍ය

1. සංසරණ වායු තත්ත්ව, ස්ථානීය වායු විමෝචන ප්‍රභව, ශබ්ද හා කම්පන වලට අදාළ රෙගුලාසි, මාර්ගෝපදේශවලට අදාළව ක්‍රියාපාටිය සකස් කිරීම.

2. එවැනි රෙගුලාසි සංශෝධනය කිරීම.

3. එම රෙගුලාසි පරිපාලනය කිරීම.

 

කර්මාන්ත වල අනුකූලතාවය පරීක්ෂා කිරීම සහ පැමිණිලි හසුරුවීමේදි තාක්ෂණික මාර්ගෝපදේශනය හා සහාය ලබා දීම.

1. කර්මාන්ත වල නියාමනය හා අනුකූලතාවය පරීක්ෂා කිරීම.

2. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන නඩු පැවරීමේ ක්‍රියාවලියට අවශ්‍ය සහාය දැක්වීම සහ අධිකරණය මගින් මෙම අධිකාරිය වෙතින් ඉල්ලීම් සිදු කරන අවස්ථාවලදී විශේෂඥ මතය ඉදිරිපත් කිරීම සහ මිනුම් කටයුතු සිදු කිරීම. 

3. මධ්‍යම පරිසර අධිකාරියේ අනෙකුත් නියාමන කර්තව්‍ය සඳහා තාක්ෂණික සහාය ලබා දීම.

උදා -: වායු ශබ්ද හා කම්පන පාලනය කළමනාකරණය සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කරන තාක්ෂණික ව්‍යාපෘති යෝජනා හා වාර්තා ඇගයීම.

පරිසර අමාත්‍යාංශය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව - වාහන වායු විමෝචන වැඩසටහන ඇතුළු වෙනත් ආයතන සමග සහයෝගීතා කර්යයන් 

වායු තත්ත්ව කළමනාකරණ හා පසු විපරම් ඒකකය මගින් සිදු කරන සංසරණ වායු තත්ත්වය පසු විපරම් කිරීමේ වැඩපිළිවෙල

සංසරණ වායු තත්ත්ව පසුවිපරම් කිරීම වායු තත්ත්ව හා පසුවිපරම් ඒකකය විසින් සිදු කරන ප්‍රධානම කර්තව්‍යක් වන අතර මේ සඳහා වාතයේ ගුණාත්මක තත්ත්වය අධීක්ෂණය සඳහා ස්වයංක්‍රීය නිරීක්ෂණ මධ්‍යස්ථාන 02 ක් පිළිවෙලින් බත්තරමුල්ල හා මහනුවර නගරයන්හි පිහිටුවා ඇත. එම නිරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා  ඇත්තේ එවැනි මධ්‍යස්ථාන ස්ථානගත කිරීමේ ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව වන අතර, එහි ප්‍රධාන අරමුණ වනුයේ තත්කාලීන සංසරණ වායුවේ ගුණාත්මක තත්ත්වය හා සම්බන්ධ දත්ත ලබා ගැනීම, මහජනතාව ඒ පිළිබඳව දැනුවත් කිරීම, සෞඛ්‍ය ගැටළු වළක්වා ගැනීමට අවශ්‍ය තීරණ ගැනීමට සහාය දීම, සංසරණ වායු තත්ත්වයේ ප්‍රවණතා හා තත්ත්ව විශ්ලේශණය සහ ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින් හා විද්වතුන් සමග දත්ත හා තොරතුරු හුවමාරු කර ගැනීමයි.

 wqm4

                                                                             බත්තරමුල්ල ස්වයංක්‍රීය නිරීක්ෂණ මධ්‍යස්ථානය

 

wqm5

                                                                                   මහනුවර ස්වයංක්‍රීය නිරීක්ෂණ මධ්‍යස්ථානය

 

සංසරණ වායුවේ තත්ත්වය ගැසට් මගින් ප්‍රකාශිත ප්‍රමුඛ වායු දූෂකාරක 06 ක් යටතේ නිරීක්ෂණ කරනු ලබයි. හඳුනාගත් එම ප්‍රමුඛ වායු දූෂකකාරක වනුයේ වායුගතික විශ්කම්භය මයික්‍රොමීටර 10 ට හා 2.5 ට අඩු වාතයේ අවලම්භිත අංශු, සල්ෆර් ඩයොක්සයිඩ් , නයිට්‍රජන් ඩයොක්සයිඩ්, ඕසෝන් හා කාබන් මොනොක්සයිඩ් වේ. එම වායු සාන්ද්‍රණය උපයෝගි කර ගනිමින් වායු තත්ත්ව දර්ශකය (AQI) නිර්ණය කර එම දර්ශකය මහජනතාවට PREDARSHANAYA KARANA වෙබ් පිටුව හරහා සහ ඉලෙක්ට්‍රෝනික පුවරු හරහා මහජනතාව වෙත දැනුම් දෙනු ලබයි. එමගින් මහජනතාවට වායුවේ ගුණාත්මක තත්ත්වය සහ තමාගේ සෞඛ්‍ය ගැටළු සම්බන්ධව වඩා සංවේදිව කටයුතු කිරීමට අවකාශ සලසා දී ඇත.
තවද මෙම නිරීක්ෂණ මැදිරි මගින් දත්ත විශ්ලේෂණයට අවශ්‍ය කාළගුණික පරාමිතීන්ද මිනුම් කර දත්ත ගබඩා කරනු ලබන අතර ඒ යටතේ සුළඟේ වේගය, සුළඟේ දිශාව, සාපේක්ෂ ආර්ද්‍රතාවය හා උෂ්ණත්වය වැනි පරාමිතීන් වැනි මිනුම් සිදු කරනු ලැබේ. එම කාළගුණික තොරතුරු, වායු තත්ත්ව දත්ත විශ්ලේෂණය හා අර්ථකථනයන් සිදු කිරීම සඳහා උපයෝගි කරගනි.
බත්තරමුල්ල සහ මහනුවර පිහිටුවා ඇති ස්වයංක්‍රීය සංසරණ වායු නිරීක්ෂණ මධ්‍යස්ථාන්හි සියලු නඩත්තු හා සේවා කටයුතු මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුබද්ධ වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ මූල්‍ය අනුග්‍රහය මත සිදු කරනු ලබයි.
අද වනවිට මධ්‍යම පරිසර අධිකාරිය විසින් යාපනය, කුරුණෑගල සහ අනුරාධපුර නගරවල ස්ථාන 03 ක වායු තත්ත්ව අධීක්ෂණ සංවේදක ඒකක තුනක් (03) ස්ථාපනයකර ඇති අතර ඩිජිටල් සංදර්ශක පුවරු හරහා තත්කාලීන වායු තත්ත්ව දත්ත/වායු තත්ත්ව දර්ශකය/කාලගුණ විද්‍යා දත්ත ප්‍රදර්ශනය කෙරේ. මෙම වායු තත්ත්ව අධීක්ෂණ ඒකක, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පරිත්‍යාගයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු අතර 2023 දී විවෘත කරන ලද අතර තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී.
වර්තමානයේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් සංසරණ වායු තත්ත්ව පසු විපරම් සිදු කිරීම සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථාන පහත පරිදි වේ.

wqm6

 

පසුවිපරිත වායු දත්ත
බත්තරමුල්ල හා මහනුවර වායු නිරීක්ෂණ මධ්‍යස්ථාන වල 2.5μm ට අඩු වාතයේ අවලම්භිත ක්ෂද්‍ර අංශු වල දෛනික සාන්ද්‍රණය

 

wqm1

 

wqm2

 

wqm3

* කාර්මික ඝෝෂා සහ කම්පන මිනුම් කිරීම.
නියමිත කර්මාන්ත වලින් සිදුවන ඝෝෂා පාලනය සහ ඉදිකිරීම් කටයුතු නිසා ඇතිවන ශබ්ද දූෂණය 1996.06.05 දින අංක 924/12 ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික පාරිසරික (ඝෝෂා පාලන) රෙගුලාසි මගින් නියාමනය කරනු ලැබේ. මෙම රෙගුලාසිය 1997 දී සංශෝධනය කරන ලදී. අවසර ලත් ශබ්ද මට්ටම්, මිනුම් ක්‍රමවේදය සහ මිනුම් සඳහා ක්‍රියාත්මක කරන උපකරණ රෙගුලාසි වල නිශ්චිතව දක්වා ඇත.
කම්පන මට්ටමේ මිනුම් මධ්‍යම පරිසර අධිකාරිය විසින් යෝජිත කම්පන ප්‍රමිතීන්හි දක්වා ඇති ක්‍රමවලට අනුකූලව සිදු කෙරේ.


* ස්ථානීය ප්‍රභව විමෝචනය පසුවිපරම් කිරීම.
ඉහළ පරිසර දූෂණ විභවයක් ඇති නියමිත කර්මාන්තවලින් වායු විමෝචනය සහ අපද්‍රව්‍ය මුදා හැරීම දූෂක මුදා හැරීම නිරීක්ෂණය කිරීම සඳහා සහ විමෝචන මට්ටම් මැනීම සඳහා 2019.06.05 දින අංක 2126/36 ගැසට් පත්‍රය යටතේ ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි ක්‍රියාත්මක කරනු ලැබේ. මෙමගින් වායු විමෝචනය නිකුත් කරන දහනය සහ දහනය නොවන උපකරණ නියාමනය කරයි. එමගින් කාර්මික ක්‍රියාවලියෙන් ඵලායිත දූෂක විමෝචනය සහ විමෝචන ප්‍රදේශ රෙගුලාසි භාවිතයෙන් පාලනය වේ.


*වාහන ව‍ායු විමෝචන, ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතීන් සඳහා අදාළ රෙගුලාසි සකස් කිරීම.
මධ්‍යම පරිසර අධිකාරිය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයද ඇතුව 1295/11 දරණ 2003.06.30 දිනැතිව නිකුත් කර ඇති ගැසට් පත්‍රය සහ එහි සංශෝධන (2008.08.15 දින අංක 1562/22 දරන ගැසට් නිවේදනය, 2014.11.05 දින අංක 1887/20 දරන ගැසට් නිවේදනය, 2015.01.02 දින අංක 1895/43 දරන ගැසට් නිවේදනය, 2018.07.12 දින අංක 2079/42 දරන ගැසට් නිවේදනය, 2018.08.06 දින අංක 2083/3 දරන ගැසට් නිවේදනය ) මගින් ශ්‍රී ලංකාව තුල වාහන ව‍ායු විමෝචන, ඉන්ධන සහ රථ වාහන ආනයන ප්‍රමිතීන් සඳහා අදාළ රෙගුලාසි හඳුන්වා දී ඇත. මෙම රෙගුලාසිය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ වාහන ආනයනය කිරීමේ නෛතික පටිපාටිය ක්‍රියාත්මක කරන අනෙකුත් නියාමන ආයතනයන්හි ද සහභාගිත්වය ඇතුව ක්‍රියාත්මක වේ.


*රථ වාහන නලා හැඬවීම සඳහා වන රෙගුලාසි සකස් කිරීම.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ සහයෝගීත්වයද ඇතුව මේ වන විට බලාත්මක කර ඇති 2011.12.29 දිනැති රථ වාහන නලා හැඬවීම සඳහා වන රෙගුලාසි 1738/37 අංක දරන ගැසට් නිවේදනය මගින් මෙම ඒකකය විසින් හඳුන්වා දී ඇත.


* අධිවේගී මාර්ග සඳහා රථවාහන ශබ්ද තක්සේරු නිර්ණායක
රථවාහන තදබදයට මෙන්ම ප්‍රවාහනය නිසා ඇතිවන පරිසර දූෂණය පාලනයට පිළියමක් ලෙස පොදු ප්‍රවාහන පද්ධතියක් සංවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරන අතර ඒ අනුව වායු තත්ත්ව කළමනාකරණ හා පසුවිපරම් ඒකකය විසින් පරිසරය කළමනාකරණය කිරීම සහ පරිසරයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා සැලසුම් සහ ආධාරක මෙවලමක් නිර්මාණය කර ඇත.
අධිවේගී මාර්ග සැලසුම් කිරීම, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීමේ අරමුණු ඉටුකරමින් ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග සඳහා රථවාහන ශබ්ද තක්සේරු නිර්ණායක සඳහා මාර්ගෝපදේශ සකස් කිරීමේදී වායු තත්ත්ව කළමනාකරණ හා පසුවිපරම් ඒකකය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. මාර්ගෝපදේශ හරහා, මධ්‍යම පරිසර අධිකාරිය එවැනි ව්‍යාපෘති සැලසුම් කිරීමේදී රජයේ බලධාරීන්ට, ව්‍යාපෘති යෝජකයින්ට සහ උපදේශකයින්ට සහාය වේ. ඒ සම්බන්ධව ආයතන සඳහා අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල ශබ්දය මැනීම, අධීක්ෂණය, ආකෘති නිර්මාණය සහ පුරෝකථනය සඳහා තවදුරටත් මධ්‍යම පරිසර අධිකාරිය මාර්ගෝපදේශ සපයයි. මීට අමතරව, එවැනි ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම් ඇගයීම් හෝ මූලික පාරිසරික පරීක්ෂණ සඳහා ශබ්ද බලපෑම් තක්සේරු කිරීම් සහ පූර්ව සහ පසු අනුකූලතා සත්‍යාපනය සඳහාද මාර්ගෝපදේශ සපයයි. මෙම මාර්ගෝපදේශය 2018 සිට බලාත්මක විය.


* සීඝ්‍රගාමී දුම්රිය සංක්‍රමණ පද්ධති සඳහා දුම්රිය ශබ්ද තක්සේරු කිරීමේ නිර්ණායක
වායු තත්ත්ව කළමනාකරණ හා පසුවිපරම් ඒකකය විසින් වේගවත් දුම්රිය සංක්‍රමණ පද්ධති සඳහා දුම්රිය ශබ්දය තක්සේරු කිරීමේ නිර්ණායක සඳහා මාර්ගෝපදේශ ස්ථාපිත කරයි. එහිදි වේගවත් දුම්රිය සංක්‍රමණ පද්ධති සැලසුම් කිරීම, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම නියාමනය කරයි. මෙම ඇගයුම් නිර්ණායක මගින් ශබ්ද බලපෑම් තක්සේරුව, පාරිසරික බලපෑම් ඇගයීම් සඳහා පූර්ව සහ පසු අනුකූලතා සත්‍යාපනය හෝ වේගවත් දුම්රිය ව්‍යාපෘතිවල මූලික පාරිසරික පරීක්ෂණ සඳහා උපයෝගි වේ. මෙම මාර්ගෝපදේශය 2018 සිට බලාත්මක විය.

 

Thursday, 22 April 2021 07:43 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න